අමාත්‍යාංශයේ කාර්යයන්



  1. අනුබද්ධ ආයතනවලට අදාළ ප්‍රතිපත්ති සැකසීම
  2. අමාත්‍යාංශයේ විෂය පථයට නතුවන ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් හා ව්‍යාපෘති සමායෝජනය කිරීම හා අධීක්ෂණය කිරීම.
  3. වරාය , නාවික සහ ගුවන් සේවා කටයුතුවලට අදාල සේවාලාභීන්ට වඩාත් හොඳ සේවාවන් සැලසීම සඳහා නව මෙහෙයුම් නිර්නායකයන් හඳුන්වාදීම.
  4. වරාය ,නාවික හා  ගුවන් සේවා සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාශීලී යාන්ත්‍රණයක් විධිමත්ව සැකසීම.
  5. නැව් ඒජන්තවරුන්, බහළු මධ්‍යස්ථාන මෙහෙයුම්කරුවන්, නැව් බඩු ඉදිරිපත් කරන්නන්, යාත්‍රා  හිමිකම් නොමැති පොදු ප්‍රවාහන සේවා සපයන්නන්, සංචාරක ඒජන්තවරුන් හා වෙනත් සේවා සපයන්නන් සඳහා වඩාත් ක්‍රියාශිලී හා ව්‍යාපාර හිතකාමී නියාමනයක් හා අධීක්ෂණයක් ඇති කිරීම.
  6. ගුවන් යානා සහ මගීන්ගේ ආරක්ෂාව සහතික කරමින් කාර්යක්ෂමව ගුවන් මෙහෙයුම් කටයුතු කිරීම සඳහා ගුවන්සන්තරණ සේවා (ගුවන් ගමන් පාලන සේවා, ගගන නාවික සන්නිවේදන සේවා, ගගන නාවික තොරතුරු සේවා), ගිනි නිවීම් සේවා සහ ගුවන් ආරක්ෂක සේවා සැපයීම මෙන්ම ශ්‍රී ලංකාවේ ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් සංවර්ධනය කිරීම,නඩත්තු කිරීම සහ ක්‍රියාත්මක  කිරීම.
  7. අමාත්‍යාංශ විෂය පථයට අයත් වන ආයතනවල කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන නීතිමය රාමුවක් හඳුන්වා දීම.